Ads by Smowtion

Tuesday, 9 November 2010

වැඩේ 'කරවිට' වීම-Karvita Has DONE it

පිස්සා ළදරු වියේදී ගමේ හැඩකාර කොල්ලෙක් හිටියේය.උගේ නම කරවිටය.ඌ ගමේ සියලුම සක්කරවට්ටං වලට කලින් කලට ලයින් දැම්මේ සමනලයකු ලෙසිනි.ඌ ඉස්කෝලෙ මහත්තයාගේ ලොකු කෙල්ලටද ලයින් දැම්මේය.මෙය කණින් කොණින් ආරංචි වූ ගමේ එවුන් කරවිටයාට වෝනිං දුන්නේ ඉස්කෝලෙ මහත්තයා නහරකාරයා බවත්,කෙල්ල බඩ උණොත් කරගහන්නට වීම අනිවාර්ය බවත් කියාය.කරවිටයා අති පණ්ඩිතයා බැවින් එම උපදෙස් පයිසයකට වත් ගණන් නොගෙන වැඩේ කොන්ටිනියු කළේය.හය මසක් ඇවෑමෙන් කෙල්ල බඩ විය.ඉස්කෝලෙ උන්දෑ සාමකාමීව රෙජිස්ටාර් කෙනෙකු කැඳවා දෙන්නා එකතැන් කර දුන්නේය.

එතැන් පටන් කරවිටයා ඉන්නේ ඇටි කෙහල් කෑ උගුඩුවකු මෙනි.කිසි එකෙකුගේ මූණ කෙලින් නොබලයි.වැඩේ කෙළවී ඇති බව උන්දෑට අවබෝධ වන විට පහුවෙලා වැඩිය.මේ සන්තෑසියෙන් පසු මීට සමාන සිද්ධි කිහිපයක්ම ගමේ සිද්දවූ අතර බෝක්කු පාළුවන් ඒවා ගැන කතාකරන්නේ මෙසේය.''බලහං අර......ට වෙච්ච වැඩේ.අරකිගෙ පස්සෙ කැරකි කරකි ඉන්නකොට මං කිව්ව ඕකට වැඩේ වරද්දගන්න එපයි කියල.කෝ ඇහුවයි.ඕං දැං වැඩේ කරවිට වෙලා......"
මේ ජාතියේම තරු ගැසූ කරවිටයෙක් පහුගියදා සෙට් එකක් සමඟ මහඋළුගෙදර කුඩු අල්ලන්නට ගොස් එහි‍ නේවාසික මහත්තැන්ලාගෙන් අම්බානක කා ජම්පරයක් ද ඇඳ කූඩුවී සිටියේය.මේ ඇසූ පිස්සාට හිතුණේ කරවිටලා කොහෙත් ඔහොම බවය.වැඩේ කරවිට කරගැනීම උන්ගේ ජම්ම ගතියකි.

6 comments:


  1. http://lankaenews.com/Sinhala/news.php?id=15220

    ReplyDelete
  2. ඕකට කියන්නේ පොලිසියෙන් බැන්දවීම කියලයි.

    ReplyDelete
  3. පිස්සෝ, මගෙත් වාසගම කරවිට තමයි . . . . . !!

    ReplyDelete
  4. අපෙත් ඉන්නවා කරවිටලා කීප දෙනෙක්ම. දැන් ඒ අයව දකිද්දී දුකත් හිතෙනවා. ගොඩක් දුකෙන් තමා ඉන්නේ හැමෝම. ඇයි ඉතිං හිතලා කරගත්ත දේවල් නෙමේනේ.

    ReplyDelete
  5. දුමී මචෝ උඹ කරවිට එකේ සුන්දර අන්තේ ඉන්න නිසා උඹ බය වෙනන් එපා කොල්ලෝ . . මේ චාටර් කරවිටලා ගැන කියලා තියෙන්නේ

    ReplyDelete