Ads by Smowtion

Wednesday, 16 February 2011

ටියුබ් ලයිට් එෆෙක්ට් ෆර්ස්ට් ඉයර් ඇනිවර්සරි සමඟ පිස්සාගේ ෆේස්බුක් ආගමනය...

පිස්සාගේ පළාමල්ල අරඹා වසරක් සම්පූර්ණ වූයේ පසුගිය 08 වැනිදාටය.මේ පිළිබඳව එදිනම පෝස්ටයක් දමා හැපි ඇනිවසරි ගැනීමට නොහැකි වූයේ එදින පිස්සාට නහුතයට වැඩ යෙදී තිබුණු බැවිනි.ඒ නිසා අයි බෙග් යුව පාර්ඩන් සමඟ මෙම ටියුබ්ලයිට් හැපි ඇනිවසරි පෝස්ටය පළකරමි.

මිනිසුන්ගේ සිත් තුළ කැකෑරෙන සමාජ අසාධාරණයන් පිළිබඳව විරෝධතා ආකල්ප වලට උපහාසාත්මක ගුණයෙන් යතු ප්‍රකාශන මාධ්‍යයක් සැපයීම පිස්සාගේ ඉලක්කය විය.මෙහි පළකළ ලිපි කියවීමෙන් පසු පාඨකයන් පිරිසක් තමන් විසින් අවබෝධ කරගත් එහෙත් කිව නොහැකිව තිබූ දෙයක් ලියැවී තිබුණාය යන ප්‍රසන්න ආකල්පයෙන් යුතුව සැහැල්ලු මනසකින් පසුවන අතර තවත් පිරිසක් "අනේ මුගේ හොම්බට දෙකක් අනින්න තිබුණා නම්" හෝ ''උඹ මට කවදහරි අහුවෙයන්කො..." යන පාරිශුද්ධ චේතනාවෙන් දහදිය පිසිමින් නිදිමරාගෙන කල්පනා කරනබව පිස්සාට රහසක්  නොවේ.


මිනිසුන්ගේ ආකල්ප විවිධය.බුද්ධි මට්ටම් විවිධය.පිස්සා පළකරන ලිපි ඒ ඒ පුද්ගලයන්ට තම තම නැණ පමණින් වටහාගත හැකිය.


අපගේ බ්ලොග් අඩවියට වසරක් පිරෙන මොහොතේ අපි ෆේස් බුක් වෙතද පා තැබුවෙමු.ඒ අපගේ පාඨක ජාලය පුළුල් කරගැනීමේ අභිලාශයෙනි.


අපගේ ෆේස් බුක් පිටුවට මෙතැනින් පිවිසිය හැකිය.


වසරක් පුරා අප සමඟ රැඳී සිටි පාඨක ඔබ සැමට පිස්සා ශීර්ෂ ප්‍රණාමය පුදකර සිටියි.

2 comments:

  1. සුබපැතුම්...!!!

    ReplyDelete
  2. මගෙනුත් සුබ පැතුම්. මේ අවුරුද්දෙවත් වැඩිපුර පෝස්ට් ටිකක් එනවනම් තමයි හොඳ.

    ReplyDelete