Ads by Smowtion

Tuesday, 15 February 2011

අස්පයා පැනයාමට පෙර ලියන වග නම්....A Short Notice Before The Horse leave the stable..............

අපගේ අතිරමණීය සිරි ලංකා මහද්වීපයේ තවත් සක්විති රණසිංහ ෆැමිලියක් බිත්තරය බිඳගෙන හැච් වීමට ඔන්න මෙන්න වී ඇති බව පිස්සා සාඩම්බරයෙන් සැළකර සිටියි.

ලංකාවේ ඇත්ත දැනගන්නා ආකාරය කුජීත ලෙසින් කියාදෙන අකුරු තුනක මාධ්‍ය ජාලයකට හිමිකම් කියන මෙම ෆැමිලි‍යට සුවිසාල තොරරෙම්බොල් කඩ සංකීර්ණයක්ද ඇත.සෝමාරි පෙනුමකින් යුත් එර්දි වන ආකාරයේ සිංහ ධේනුවක් මෙහි මුල් පුටුව හොබවයි.

මෙම ෆැමිලිය එක්තරා ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයක් හා එක්තරා ෆයිනෑන්ෂියල් සර්විස් ආයතනයක් හරහා කෝටි ගණනක මහජන මුදල් තැන්පතු වශයෙන් ලබාගෙන ඇත.එම මුදල් යොදවා දැනට කැනඩාවේ දෙපළ මිළට ගෙන ඇත.

දැන් ඉතින් මෙම ෆැමිලිය ඕනෑම මොහොතක එර්දි විමට සූදානමින් පසුවේ.ඒ බව ජනමාධ්‍යයන්ගෙන් වසන් කිරීමට ලංකාවේ ප්‍රකට ආයතන දෙකකට අල්ල පුරවා පගාවද දී ඇත.

ඉතින් මිත්‍රවරුණි,බොහෝවිට ඉදිරි දින කිහිපයකදි සක්විති ඩ්‍රාමා පාර්ට් 2 තිරගතවනු ඇත.එවිට මෙහි ගනුදෙනුකාර භවතුන්ට හුලං බකන්නට සිද්ධවනු ඇත.

2 comments:

  1. හෙහ් අම්මප.
    මම හිතුව ඔකුන් ඔයටික දවසක කරයි කියල ඒත් මෙච්චර ඉක්මනට, අනිත් එක තවම මෙහේ කාලගුනේ දේශගුනේ උන්ට අවුලකුත් නැහැනෙ ,

    ReplyDelete
  2. අම්මපා .... මේක ඇත්තද ??? මුං ව කොටියා කන්ට එපායැ

    ReplyDelete